මාර්තු 9 වනදා ඇපල් සමාගමෙන් අපට බලාපොරොත්තු විය හැකි සියලු දේ...
ඇපල් සමාගම මේ වන විටත් මෙම මස 9 වන දා ඔවුන්ගේ මීළඟ Event එක ලෙස "Spring forward" event එක නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.මූලිකව ම මෙදින ඇපල් Watch උපාංගය පිළිබඳව අවධානය යොමු කර සිටිය ද මෙදින තවත් විශේෂ නිවේදන කිහිපයක් නිකුත් කිරීමට නියමිත ය.මෙසේ නිවේදනය කරනු ඇතැයි අනුමාන කෙරෙන දෑ මෙසේ ය.
Apple Watch පිළිබඳව වැඩිදුර තොරතුරු
ඇපල් සමාගම පසුගිය වසරේ Apple Watch පිළිබඳව හඳුන්වා දුන් අතර එදින ඇපල් සමාගම ප්‍රකාශ කළේ 2015 වසරේ පළමු කාර්තුවේ දී පමණ Apple Watch වෙළඳපොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බව යි.නමුත් එදින Apple Watch හි සමහරක් තොරතුරු මහජනයා වෙත නිකුත් නොකරනු ලැබී ය.ඒ අනුව Apple Watch හි බැටරියේ ආයු කාලය වැනි වැදගත් තොරතුරු මාධ්‍ය වෙත නිකුත් නොකරනු ලැබූ අතර එළැබෙන මාර්තු 9 වන දා Apple Watch පිළිබඳව තවත් තොරතුරු සහ එය වෙළඳපොළට නිකුත් කරන දිනයන්,Apple Watch හි අතුරු මුහුණත හා ඒ සඳහා නිකුත් කෙරෙන ඇප්ස් පිළිබඳව ද තොරතුරු නිකුත් කිරීමට නියමිත යි.
මේ වන විට ඇපල් සමාගමේ රැකියාවෙහි නිරතවන සේවකයන් ලවා සමාන්‍ය ජීවිතයේදී Apple Watch පරීක්ෂාවට ලක් කරමින් සිටින අතර ඇපල් සමාගම තම ඇපල් ගබඩාවන්හී විශේෂ ප්‍රදර්ශන කුටි සහ ආභරණ වැනි වටිනා දෑ අසුරණු ලබන සේප්පු ද මේ වන විට සමහර ඇපල් ගබඩාවන් වල ස්ථානගත කොට ඇත.
iOS 8.2
මෙදින iOS 8 හි නවත ම අනුවාදය වන iOS 8.2 නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය.මේ වන විට එහි බීටා අනුවාද කිහිපයක් ම ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් හට නිකුත් කර ඇති අතර ලබන මාර්තු 9 වන දින iOS 8.2 Apple Watch සමඟ සහය දක්වන ලෙස යාවත්කාලීන කර නිකුත් වනු ඇත.
මැක් OS X 10.10.3 සමඟින් නව Photos ඇප් එක
ඇපල් සමාගම මේ වන විටත් මැක් OS X 10.10.3 හි බීටා අනුවාද කිහිපයක් ම ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් හට නිකුත් කර ඇති අතර ඒ සමඟ ඇපල් සමාගමේ නව Photos ඇප් එක ද අන්තර්ගතව නිකුත් වනු ඇත.මෙම Photos ඇප් එක මීට පෙර ඇපල් සමාගම විසින් නිකුත් කළ iPhoto සහ Aperture මෘදුකාංග දෙකෙහි එකතුවක් ලෙස නිකුත් වනු ඇත.
නව MacBook Air
මීට පෙර කිහිපවරක් ම තොරතුරු නිකුත් වූ නව MacBook Air ද මෙදින නිකුත් වනු ඇති බවට අනුමාන කෙරේ.මෙම MacBook Air එක අඟල් 12 කින් යුතු Retina තිරයකින් සමන්විත වනු ඇති අතර දැනට වෙළඳපොළේ ඇති MacBook Air ට වඩා සිහින් බඳක් සහිත වනු ඇති බවට තොරතුරු නිකුත් වී ඇත.
මෙසේ ලබන මාර්තු 9 වන දින ඉහත සඳහන් දෑ නිවේදනය කිරීමට නියමිතව ඇති අතර එම Event එක ශ්‍රී ලංකා වේලාවෙන් එදින පස්වරු 10.30 ට ඇපල් සමාගමේ නිළ වෙබ් අඩවියේ ඔස්සේ සජීවීව නැරඹිය හැකි ය.
Subscribe to:
Posts
(
Atom
)
2 comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.