ඇපල් උපාංග පමණක් යොදාගෙන නිර්මාණය වන ලංකාවේ පළමු සිනමාපටය
ඔබට මතක ඇති මීට පෙර ඇපල් ගැන සිංහලෙන් අඩවියේ පළවූ 1-24-14 ලිපියේ ඇපල් සමාගම අයිෆෝනක් මඟින් නිපදවූ වීඩියෝවක් සම්බන්දවත් ලන්ඩනයේ "Burberry runway show" වීඩියෝ කිරීම සඳහාත් අයිෆෝන් යොදාගත් බව ඔබට මතක ඇති.නමුදු අද මා කියන්නට යන්නේ වෙනත් රටක නිර්මාණය වන දෙයක් ගැන නොව අපේ රටේ ඇපල් උපාංග පමණක් යොදාගෙන ප්‍රථමවරට නිෂ්පාදනය වන සිනමාපටය වන "Adventures of Ricky Deen" පිළිබඳව යි.
ශ්‍රී ලාංකාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන විශ්වනාත් බුද්ධික කීර්තිසේන මහතා විසින් අධ්‍යක්ෂණය කෙරෙන සහ ඔනොමි ඒක්,විශ්වනාත් බුද්ධික කීර්තිසේන සහ චෙනාල් රත්නම් විසින් තිර රචනය කරන මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ අසාර්ථක නළුවෙක්ගේ ජීවිත කතාව යි.මෙහි ප්‍රධාන වශයෙන් මහේන්ද්‍ර පෙරේරා,සංගීතා වීරරත්න,පාලිත සිල්වා,දර්ශන් ධර්මරාජ්,දසුන් පතිරණ,සමනලී ෆොන්සේකා සහ ශලිනි තාරකා රංගනයෙන් දායකත්වය දක්වනවා.මෙහි මහේන්ද්‍ර පෙරේරා ත්‍රිත්ව රංගනයකින්(Triple Acting) ද පාලිත සිල්වා ද්විත්ව රංගනයක(Double Acting) ද යෙදෙනවා.
මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ඇපල් අයිෆෝන් 5 දුරකතන දෙකක් පමණක් යොදා ගැනීම විශේෂත්වයකි.එසේ අයිෆෝනයක් භාවිත කිරීමේ දී කිසිම Lens වර්ගයක් මේ වන විට භාවිත නොකෙරෙන අතර වීඩියෝ කිරීම සඳහා FILMIC Pro නැමැති ඇප් එක යොදා ගනු ලබයි.මෙසේ පටිගත කෙරෙන වීඩියෝ සංස්කරණය කිරීම සඳහා Final Cut Pro භාවිත කෙරේ.මේ අනුව මෙම සිනමාපටය පූර්ණ වශයෙන් ඇපල් උපංග මඟින් නිර්මාණය කිරීමට මෙහි නිෂ්පාදන කණ්ඩායම කටයුතු කොට තිබෙනවා.
නිෂ්පාදන කණ්ඩායම
විශ්වනාත් බුද්ධික කීර්තිසේන | අධ්‍යක්ෂණය
බුද්ධි කීර්තිසේන | නිෂ්පාදක
ඔනොමි ඒක්,විශ්වනාත් බුද්ධික කීර්තිසේන,චෙනාල් රත්නම් | තිර රචනය
දිමුතු කාලිංග දහනායක | කැමරාකරණය
උදාර වීරරත්න | සංස්කරණය
ලක්ෂ්මන් ජෝෂප් ද සේරම් | සංගීත සංකලනය
කුමාර කරව්දෙණිය | ඇදුම් නිර්මාණය
බුවනෙක රණවක | අංග රචනය
Elephant and the Mouse VFX | දෘෂ්‍ය සංකලනය
Subscribe to:
Post Comments
(
Atom
)
Bitcoin Casino - Online Casinos For Real Money - Casinoworld
ReplyDeleteA casino that allows players to play and 샌즈카지노 gamble 인카지노 safely at a licensed, regulated and licensed casino. This means that you can bet on which 온카지노 currency you will