මොකද්ද මේ ඇපල් iCloud Activation Lock කියන්නේ ?

19 comments
මොකද්ද මේ ඇපල් iCloud Activation Lock කියන්නේ ?

ඇපල් උපාංග භාවිත කරන බොහෝ අයට තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඇපල් iCloud Activation Lock එක.බොහෝ දෙනෙකු මේ පිළිබඳව කිහිපවතාවක් මගෙන් විමසීම් කර ඇති අතර මා ඒ පිළිබඳව මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

iCloud Activation Lock පිළිබඳව කතා කිරීමේ දී තියෙන පැටලිල්ලක් තමයි බොහෝ දෙනා අයිෆෝන් එකේ Network Lock එකයි iCloud Activation Lock එකයි පටලගෙන තිබීම.ඒක නිසා අපි අයිෆෝන් ලොක් වර්ග සම්බන්ධව ප්‍රථමයෙන් කතා කරමු.

Passcode Lock


මේ ලොක් එකෙන් කියැවෙන්නේ ඔබ අයිෆෝනයේ Home Screen එකට සහ සමහර විශේෂාංග සඳහා පිවිසීම සඳහා භාවිත කරන මුරපදය පිළිබඳව යි.මේ සඳහා අපට මුරපදයක් වෙනුවට Touch ID භාවිත කර ඇඟිලි සළකුණ භාවිත කිරීමට ද පුළුවන.ඉතිං අපට Passcode එක අමතක වුවහොත් අයිෆෝනය භාවිත කිරීමට නොහැකි වන අතර පියවර කිහිපයකින් අපට එය Unlock කර ගැනීමේ හැකියාව පවතිනවා.

Network Lock

මේ ලොක් එකෙන් කියැවෙන්නේ අදාළ අයිෆෝනය එක් දුරකතන ජාලයකට අදාළ සිම්පත් සමඟ පමණක් භාවිත කර හැකිවන ආකාරයට ලොක් කර තිබීම යි.උදාහරණයක් ලෙස UK වල O2 network එකට ලොක් කර ඇති අයිෆෝන් භාවිත කළ හැක්කේ O2 Network එකට අදාළ සිම්පත් සමඟ පමණි.එම නිසා එම අයිෆෝනය අපේ රටේ හෝ වෙනත් ජාලයක් සමඟ භාවිත කිරීමට Network Unlock කළ යුතු වනවා.මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් මීට පෙර නිකුත් කර ඇති අතර ඒ සඳහා මෙම සබැඳියාවෙන් පිවිසෙන්න.

iCloud Activation Lock

ඔබ ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවියේ පල වූ Find my iPhone/Mac සක්‍රීය කර ගැනීම ‍| iOS සහ මැක් අනුවාදය ලිපිය කියවා ඇති නම් මේ පිළිබඳව මේ වන විටත් දැනුවත් ඇති.Find my iPhone විශේෂාංගය iOS සමඟ සම්බන්ධ වන්නේ iOS 6 සමඟ යි.මෙම විශේෂාංගය iOS සඳහා පැමිණිමට ප්‍රධාන හේතුව වූයේ ලොව පුරා අයිෆෝන් විශාල වශයෙන් සොරකමට ලක්වීම සහ එසේ සොරකම් කිරීමෙන් පසු ඒවා නැවත සොයා ගැනීමට නිෂ්චිත ක්‍රමවේදයක් නොමැති වීම යි.එම නිසා මෙවැනි විශේෂාංගයක් අයිෆෝන් සඳහා අත්‍යවශය වූවා.

එහෙත් මෙම විශේෂාංගය iOS 6 සමඟ හඳුන්වා දුන්න ද එය සක්‍රීය නොකර අයිෆෝනයක් භාවිත කිරීමටත් එම උපාංගය සමඟ සම්බන්ධ වී තිබෙන Apple ID එක අමතක නම් Restore කර වෙනත් Apple ID එකක් සමඟ භාවිත කිරීමට හැකියාව පැවතුණා.

නමුදු iOS 7 සමඟ ඇපල් උපාංගයක් restore කර setup කිරීමේ දී එම උපාංගය සඳහා පෙර භාවිතා කළ Apple ID එක සහ එහි මුරපදය ඉල්ලා සිටින අතර එම අවස්ථාව මඟහරවා යාමට නොහැකි වන ලෙස iOS 7 සකසා තිබුණා.මෙහිදී ඇපල් සමාගම විසින් ඔබගේ Apple ID එක සමඟ ඔබගේ ඇපල් උපංගයේ Serial Number එක එකට එකතු කිරීමක්/සම්බන්ධ කිරීමක් සිදු කරනු ලබනවා.එම දත්ත අපගේ ඇපල් උපාංගයේ නොව ඇපල් සමාගමට අයත් ඔවුනගේ ම Server වල එම දත්ත ගබඩා කොට පවත්වාගෙන යන අතර අප Restore කර activation screen එකෙහි නැවත අපගේ Apple ID එක ලබා දීමේ දී සසඳා බලනුයේ එසේ ගබඩා කරන ලද දත්ත සමඟ යි.

ඒ අනුව iOS 7 ට අඩු iOS අනුවාදයක් සහිත ඇපල් iOS උපාංග සඳහා අපට සරල පියවර කිහිපයකින් නව Apple ID එකක් සමඟ භාවිත කිරීමට හැකියාව ලැබිණ.තවද ඇපල් අයිෆෝන් 4 හි iOS 7 අනුවාදයක් ධාවනය වුව ද අපට ලෙහෙසියෙන් එහි Apple iCloud Lock එක මඟහරවා යෑමේ හැකියාව පවතිනවා.මන් ද ඇපල් A4 චිප් එකක් සහිත උපාංග සඳහා Root Access තිබෙන නිසා අපට Apple iCloud Lock ක්‍රියාවලිය මගහැර යාමේ හැකියාව පවතිනවා.

එහෙත් අයිෆෝන් 4 හැර iOS 7 සහ ඊට ඉහළ iOS අනුවාද සහිත කිසි ම ඇපල් උපාංගයක් මෙසේ කලින් භාවිත කළ Apple ID එක නොමැතිව Apple iCloud Lock එක මඟහරවා යාමට නොහැකි අතර එසේ කිරීම ද නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැළකෙනවා.

ඔබ iCloud Activation Lock උපාංගයක් මිළ දී ගැනීමට පෙර

iCloud Activation Lock සහිත උපාංගයක් වෙළඳපොළේ ඉතා අඩු මිළට මිළ දී ගැනීමේ හැකියාව පවතිනවා.මෙම නිසා ම සමහර පරිශීලකයින් මෙවැනි උපාංග මිළ දී ගැනීමට පෙළඹ වී තිබුණත් මෙය යම් ආකාරයක අවධානමක් සහිත ක්‍රියාවලියක් වනවා.මන් ද


  • දිනෙන් දින ඇපල් සමාගම විසින් ශක්තිමත් කරන iCloud Activation Lock ක්‍රියාවලිය Unlock කළ නොහැකි තත්වයකට පත්ව තිබීම.
  • iCloud Activation Lock එක සාර්ථකව Unlock කළ ද සමහර විට එම අයිෆෝනය Network Lock එකක් පැවතීමට හැකි ය.එය Unlock කිරීමට  වෙන ම මුදලක් වැය වේ.
  • මෙම Lock දෙක ම Unlock කළ ද සමහර විට එම අයිෆෝනය වැඩකරන තත්වයේ නොතිබිය හැකි ය.මක් නිසා ද එම උපාංගය අපට iCloud Activation Lock එක Unlock නොකොට පරීක්ෂා කිරීමට නොහැකි වූ බැවින් එහි තොරතුරු නිවැරදිව බලා ගැනීමට නොහැකි වීම.
  • ඉහත කරුණු සියල්ල සාර්ථක කර ගත්ත ද පසු කාලීනව නීතිමය ගැටලු ඇති වීමේ අවධානම.

iCloud Activation Lock එකක් හඳුනා ගන්නා ආකාරය

මොකද්ද මේ ඇපල් iCloud Activation Lock කියන්නේ ?
ඕනෑම ඇපල් උපාංගයක iCloud Activation Lock සක්‍රීය කර ඇත්දැයි බැලීමට ඇති හොඳම මාර්ගය වන්නේ https://www.icloud.com/activationlock/ වෙත පිවිස ඔබ මිළ දී ගැනීමට සැරසෙන ඇපල් උපාංගයේ IMEI හෝ Serial Number එක ලබා දී පරීක්ෂා කිරීම යි.එම තොරතුරු ලබා දුන් පසු ඔබට එම උපාංගයට අදාළ iCloud Activation Lock හි වර්තමාන තත්වය බලා ගත හැකි ය.

දැනටමත් ඔබගේ ඇපල් උපාංගය iCloud Activation Lock එක සක්‍රීය වී ඇතිනම් ඔබට තාවකාලිකව iCloud Activation Lock screen එක මඟහැරවා ගොස් Facetime ඇප් එකට පිවිස මුල් අයිතිකරුගේ විද්‍යුත් ලිපිනය බලා ගැනීමට හැකියාව පවතින අතර (අදාළ උපාංගය Restore කර නැතිනම් හෝ මුල් අයිතිකරු Facetime සක්‍රීය කර ඇතිනම්) එමඟින් එම පුද්ගලයාව සම්බන්ධ කරගෙන යම් එකඟතාවයකට පැමිණ ඔහු ලවා iCloud Activation Lock එක අක්‍රීය කර ගත හැකි ය(මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න).

තව ද යම් යම් තෙවන පාර්ෂවයේ Tools සහ ක්‍රමවේදයන් භාවිත කර iCloud Activation Lock එක අක්‍රීය කිරීමේ හැකියාව පවතින බව සමහර වෙබ් අඩවි ප්‍රකාශ කළ ද එහි සාර්ථකත්වය පිළිබඳව මේ වන තෙක් සහතිකයක් ලබා දිය නො හැකි ය.කෙසේ හෝ මෙවැනි ආකාරයේ සාර්ථක ක්‍රමයක් හමු වු විගස ඒ පිළිබඳව ඇපල් ගැන සිංහලෙන් වෙබ් අඩවියේ සවිස්තරාතමක ලිපියක් පළ කෙරෙනු ඇත.

19 comments :

  1. machan icloud lock kadanna barida

    ReplyDelete
    Replies
    1. සාර්ථක ක්‍රමයක් හරියට ම කියන්න බැහැ...

      Delete
  2. i phone 4 eke i cloud eka danne nathi ekak restore kara kohomada dn aye eka active karanne

    ReplyDelete
  3. I forget my my icloud an pasw. What I won't to do bro...apple s4

    ReplyDelete
  4. niyami mhn thnxxxxxxxx math i ekak ganna inneeee hena watinawa

    ReplyDelete
  5. Mage 6s eka horu aran.moko karnneh?

    ReplyDelete
  6. Iphone 5 ekak mata ratin habuna icloud lock unlock karana kramayk dannawa nm kiyann lokuu udawwak

    ReplyDelete
  7. Icloud lock eka official unlock karanne kohomada kiyala podiyata hari pahedili kirimak kranna pkuwand?

    ReplyDelete
  8. Ela bro....
    Eth kuhakakamath methana podiyata thiyenawa neda??😂

    ReplyDelete
  9. Ela bro....
    Eth kuhakakamath methana podiyata thiyenawa neda??😂

    ReplyDelete
  10. Casino Hotel in Tunica - Mapyro
    Casino Hotel 속초 출장마사지 in Tunica is a 오산 출장마사지 40-story 아산 출장샵 high-rise building in Tunica, Mississippi, U.S.A.. View a detailed 서산 출장샵 profile of the 출장마사지 structure 128701 including further data and

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.