ඇපල් සමාගම ඔවුනගේ Magic Mouse සහ Wireless Keyboard යාවත්කාලීන කිරීමට සැරසේ...
ඇපල් සමාගම විසින් ඔවුනගේ Magic Mouse සහ Wireless Keyboard යන උපාංග යාවතත්කාලීන කිරීමට සැරසෙන බවයි පැවසෙන්නේ.පසුගියදා ඇපල් සමාගම විසින් ඇමෙරිකාවේ Federal Communications Commission(FCC) වෙත මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කොට තිබෙනවා.
මෙහිදී ඇපල් Wireless Keyboard සඳහා එම නම ම භාවිත කළ ද Magic Mouse සඳහා 'Magic Mouse 2' ලෙස ද නම් කොට ඇති අතර මෙම උපාංග දෙක Bluetooth 4.2 සහ Bluetooth LE තාක්ෂණයෙන් සමන්විත වේ.එම නිසා අඩු බලශක්තියක් යටතේ ඉතා හොඳ ආරක්ෂාකාරී සබඳතාවයක් මෙමඟින් අපේක්ෂා කළ හැකි ය.
තවද මෙම උපාංග දෙක සඳහා පෙර භාවිත කළ නැවත දැමිය හැකි AA බැටරි වෙනුවට නැවත ආරෝපණය කළ හැකි උපාංගය තුළ ම ඇති USB කේබලයක් ආධාරයෙන් ආරෝපණය කළ හැකි ලිතියම් බැටරි අඩංගු වනවා.එම නිසා ඇපල් Wireless Keyboard හි හැඩය ද යම් ආකාරයකින් වෙනස් විය හැකි ය.
ඇපල් Magic Mouse සහ Wireless Keyboard ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන iMac සමඟ නොමිලේ පැමිණෙන උපාංග දෙකක් වන අතර Mac Mini,Macbook,Macbook Pro,Macbook Air සහ Mac Pro යන උපාංග සමඟ වෙන ම මිළදී ගෙන භාවිත කළ හැකි ය.ඇපල් Magic Mouse සහ Wireless Keyboard අවසන් වරට යාවත්කාලීන කොට ඇත්තේ පිළිවෙලින් 2009 සහ 2011 යන වසරවල දී ය.
Subscribe to:
Posts
(
Atom
)
2 comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.