iPad Pro ගැන...

1 comment
iPad Pro ගැන...


ඇපල් සමාගම විසින් පසුගිය සැප්තැම්බර් 9 වැනිදා නිවේදනය කළ iPad Pro මීට ටික දිනකට පෙර වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.ඉතින් දීර්ඝ කාලයකට පසුව මා මේ කියන්නට යන්නේ එම iPad Pro පිළිබඳව යි.

iOS 9 මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන ඇපල් සමාගම විසින් මෙතෙක් නිකුත් කොට ඇති විශාලත ම ජංගම උපාංගය වන iPad Pro හි හැඩය iPad Air 2 හි හැඩයට සමානකමක් දක්වනවා.

මිලිමීටර් 6.9 ක ඝනත්වයකින් යුතු ග්‍රැරූම් 453 ක පමණ බරකින් යුතු,එනම් iPad Air 2 ට වඩා ටිකක් බරින් වැඩි iPad Pro අනෙක් අයිපෑඩ් මෙන් ම Gold, Silver සහ Space Gray යන වර්ණයන්ගෙන් වෙළඳපොළට නිකුත් වී තිබෙනවා.

ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක්ට අනුව iPad Pro යනු ඇපල් සමාගම නිර්මාණය කළ වඩාත් ජවසම්පන්න ම ජංගම උපාංගය ලෙස හැඳින්වෙන අතර iPad Pro හි දෘඩාංග ඩෙස්ක්ටොප් පරිගණකයක මෙන් බලසම්පන්න වන නිසා වඩාත් කාර්‍යක්ෂමව වැඩ කටයුතු කළ හැකි බව යි පැවසෙන්නේ.


iPad Pro ගැන...

තිරය

අඟල් 12.9 ක Retina තිරයකින් සමන්විත iPad Pro හි පික්සෙල් මිලියන 5.6 ක් ගැබ්ව පවතිනවා.ඒ අනුව 2732x2048 ක තිරයක් එනම් iPad Air 2 ට වඩා 78% ක විශාල තිරයක් iPad Pro සතු වනවා.මෙම උසස් විභේදනයත් සමඟ සත්‍යාසන්න,වඩාත් උසස් වර්ණ සුසංයෝගයත් සමඟ ඡායාරූප සංස්කරණය,ත්‍රිමාණ ක්‍රීඩා යනාදිය විශිෂ්ට ලෙස මෙම තිරය මත නිරූපණය කිරීමට හැකියාව පවතිනවා.ඇපල් සමාගම ප්‍රථම වතාවට හඳුන්වා දී ඇති "Variable Refresh Rate" නැමැති තාක්ෂණයත් සමඟ iPad Pro තම තිරය සඳහා යොදවන බලය අවස්ථානුකූලව අවම කිරීමට හැකියාව පවතිනවා.එනම් සාමාන්‍යයෙන් තිරයක Refresh rate එක තප්පරයකට 60 කි.නමුත් iPad Pro තම තිරයේ පවතින Static (වෙනස් නොවන) අන්තර්ගතයන් හඳුනාගෙන එහි Refresh rate එක 30 දක්වා අඩු කරමින් බලශක්තිය ඉතිරි කරනු ලබනවා.

කාර්යක්ෂමතාව

iPad Pro තෙවන පරම්පරාවේ 64-bit නව ඇපල් A9X කාර්යක්ෂම,වේගවත් ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර සැලකිව යුතු මට්ටමකින් බලශක්තිය ඉතිරි කිරීමට ද එය සමත් වනවා.iPad Air 2 ට වඩා 1.8 ගුණයකින් වේගවත් iPad Pro හි ග්‍රැෆික් කාර්යක්ෂමතාව ද iPad Air 2 ට වඩා දෙගුණයක් ඉදිරියෙන් සිටිනවා.එම නිසාම iPad Pro සමඟ ත්‍රිමාණ නිර්මාණ නිර්මාණය කිරීමත්,මෙහෙයවීම සහ සංස්කරණය කිරීමත් 4K වීඩියෝ වේගවත්ව සුමට ලෙස සංස්කරණය කිරීමටත් iPad Pro හට මනා හැකියාවක් පවතිනවා.තවද ඇපල් සමාගම තම A9X චිප් එකේ ඇති දත්ත හැසිරවීමේ වේගවත් නව ක්‍රමවේදය නිසා ඔබගේ HD කැමරාවකින් ලබා ගන්නා RAW ආකාරයේ ඡායාරූප පවා වේගයෙන් හැසිරවීමට iPad Pro හට හැකියාව ලැබෙනවා.



iPad Pro ගැන...

නිමාව

iPad Pro හි ස්පීකර්ස් 04 ක් දක්නට ලැබෙන අතර iPad Air 2 ට වඩා තුන්ගුණයක ශබ්දයක් නිකුත් කිරීමට එයට හැකියාව ඇත.ඔබ අයිපෑඩය අතෙහි රඳවාගෙන හසුරුවන ආකාරයට අනුරූපව එහි ශබ්ද සංකලනය ද එම අවස්ථාවට වඩාත් උචිත ආකාරයට ස්ව්‍යංක්‍රීයව වෙනස්වනු ලබනවා.iPad Pro හි මෙගාපික්සෙල් 8 ක පිටුපස කැමරාවක් ද මෙගාපික්සෙල් 1.2 ක ඉදිරිපස කැමරාවක් ද 802.11ac Wi-Fi සබඳතාවක් ද LTE පහසුකමක් සමඟින් වැඩිදියුණු කළ Touch ID පහසුකමින් ද සමන්විත වනවා.මෙහි බැටරි ආයුකාලය පැය 10 ක් ලෙස ඇපල් සමාගම පවසනු ලැබුවත් සාමාන්‍ය භාවිතයේ එහි අගය තරමක් අඩු අගයක් ගන්නා බවයි පැවසෙන්නේ.

ඇපල් Pencil සහ Smart Keyboard

iPad Pro හි ප්‍රයෝජනවත් බව සහ භාවිතයේ නම්‍යශීලි බව වැඩි කිරීමේ අරමුණින් ඇපල් සමාගම විසින් iPad Pro සමඟ නව ඇපල් Pencil සහ Smart Keyboard නමින් නව උපාංග දෙකක් හඳුන්වා දී තිබෙනවා.


iPad Pro ගැන...

ඇපල් Pencil මඟින් අප ඒ මත යොදන බලය අනුව වෙනස් ප්‍රතිචාර දක්වන (pressure-sensitive) පැන්සලක් වැනි උපාංගයක් වන අතර එහි ඇති විවිධ සංවේදක මඟින් ස්ථාන මනාව හඳුනා ගැනීමටත් අප ඒ මත යොදන බලය මත වෙනස් ප්‍රතිචාර දැක්වීමටත් අප එය හරවන කෝණයට අනුව ප්‍රතිචාර වෙනස් කිරීමටත් මෙයට හැකියාව ඇති අතර එමඟින් iPad Pro හි තිරයේ ඇති තනි පික්සෙල් එකක් පවා වෙන වෙන ම ග්‍රහණය කර ගැනීමට මෙයට හැකියාව ඇත.එහි ඇති Lightning port එක iPad Pro චාර්ජ් කිරීමට යොදාගන්නා charging port එකට සම්බන්ධ කොට එය ආරෝපණය කළ හැකි අතර මෙම උපාංගය iPad Pro සමඟ වෙන ම මිලදී ගත යුතු වන අතර එහි මිල ඇමෙරිකානු ඩොලර් 99 ක් වනවා.


iPad Pro ගැන...

iPad Pro හි පැතිතකින් ඇති Smart Connector එකට සම්බන්ධ කළ හැකි යතුරු පුවරුවක් සහිත කවරයක් ද iPad Pro සඳහා නිපදවා තිබෙනවා.එම Smart Connector එක හරහා දත්ත මෙන් ම බලශක්තිය ද හුවමාරු කළ හැකි නිසා මෙම Smart Keyboard එකට අමතරව බලයක් සැපයීමට අවශ්‍ය වන්නේ නැත.මෙම උපාංගය ඉතා තුනී නිසා එය iPad Pro සමඟ හොඳින් ගැලපෙනවා.මෙම Smart Keyboard එක iPad Pro සමඟ වෙන ම මිලදී ගත යුතු වන අතර එහි මිල ඇමෙරිකානු ඩොලර් 169 ක් වනවා.

iPad Pro හි මිළ ගැන කතා කළොත් ගිගාබයිට් 32 ක ධාරිතාවක් සහිත Wi-Fi සබඳතාව පමණක් ඇති අයිපෑඩයක් ඇමෙරිකානු ඩොලර් 799 ක් ලෙස සඳහන් වන අතර ගිගාබයිට් 128 ක ධාරිතාවයක් සහිත Wi-Fi + Cellular අයිපෑඩයක් ඇමෙරිකානු ඩොලර් 1,079 ක් ලෙස මිල නියම කොට තිබෙනවා.

1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.