ඇපල් උපාංග හා සම්බන්ධ ගැටලුවලට පිළිතුරු ඇපල් සමාගමෙන් ම අසා දැන ගන්න...

1 comment

ඇපල් උපාංග සම්බන්ධ ගැටලුවලට පිළිතුරු ඇපල් සමාගමෙන් ම අසා දැන ගන්න...


ඇපල් සමාගම මීට ටික දිනකට පෙර Apple Support නමින් නව Twitter ගිණුමක් අරඹා තිබෙනවා.මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඇපල් උපංග හා සම්බන්ධ නව Tips සහ Tricks, අපට උපකාරී වන වැදගත් තොරතුරු පිළිබඳව දැනුවත් කීරීම යි.




මීට අමතරව ලෝකය පුරා විසිර සිටින ඕනෑම ඇපල් පාරිභෝගිකයෙකුට තමන්ගේ ඇපල් උපාංගය හා සම්බන්ධ ගැටලු Twitter හරහා කෙලින් ම ඇපල් සමාගමේ පාරිභෝගික සේවා අංශයෙන් අසා පිළිතුරු ලබා ගැනීමට හැකියාව මෙයින් ලබා දී තිබෙනවා.

මෙම පහසුකම විශ්වාසදායී යම් තරමක් ඉක්මන් සේවාවක් වන අතර මා ද එක් ප්‍රශ්නයක් ඔවුන් වෙත යොමු කළ අතර එයට පිළිතුරු ලබා දීමට දිනක් පමණ ගත විය.

ඔබට Twitter හරහා ඔවුන්ගෙන් ඇපල් උපංග සම්බන්ධ ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍ය නම් මෙහි පහතින් දක්වා ඇති ඔවුන්ගේ නිළ Twitter ගිණුමට(@applesupport) Tweet කළ හැකි අතර Twitter Direct Message හරහා ද ගැටලු යොමු කරවිය හැකි ය.

මෙය නොමිලේ ලබා දෙන සේවාවක් වන අතර දැනට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පිළිතුරු ලබා දීම සිදු කරනු ලබ යි.මේ වන විට මෙම සේවාව ඇපල් පාරිභෝගිකයින් අතර ජනප්‍රිය වෙමින් පවතින අතර මේ වන විටත් විශාල Tweets ප්‍රමාණයක් ඔවුන් නිකුත් කොට තිබෙනවා.



1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.